Header

Sri Lanka Army

Defender of the Nation

01st October 2018 12:00:35 Hours

කිලිනොච්චි භට පිරිස් කාරියලනගපඩ්ඩුවන් වැව පිරිසිදු කරයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් 651 වන බලසේනාවේ භට පිරිස් සමඟ එක්ව සෙනසුරාදා (29) දින වල්පැළැටි වලින් ග්‍රහනව පැවති කාරියලනගපඩ්ඩුවන් වැව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ මඟපෙන්විම යටතේ 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රන්ජිත් අබේසිංහ ගේ සහ 11 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිලධාරියෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් සිවිල් වැසියන්යන්ගේ ද සහයෝගය ඇතිව මෙම ශ්‍රමදාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි. Asics shoes | adidas Yeezy Boost 350