01st October 2018 13:00:35 Hours
7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් ජාතික මඳුරු මර්ධන සතියට සමගාමීව ඉරිදා (30) දින කිලිනොච්චි නගරය හරහා දිවෙන ඒ 9 මාර්ගය දෙපස කිලෝමීටර් 248 වන කණුවේ (ඉරණමඩු හන්දියේ) සිට කිලෝමීටර් 256 වන කණුව දක්වා ප්‍රදේශය පිරිසිදු කිරීම් කටයුතුවල නිරතවිය.
මෙම ව්‍යාපෘතිය 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ සංකල්පයකට අනුව 571 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ අධීක්‍ෂණය යටතේ දියත් කරනු ලැබීය. short url link | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp