2018-10-14 19:00:56
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681, 682 සහ 683 යන බලසේනාවන්හි භට පිරිස් 69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිකුරාදා (12) දින අදාළ බලප්‍රදේශයන්හි දී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදි.
2018-10-14 18:55:56
ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 84 දෙනෙකු සඳහා ‘නායකත්වය හා ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඔක්තෝම්බර් මස 10 සහ 11 දිනයන් හිදී පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථානගත 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2018-10-14 18:53:56
මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලද ‘අලුත් සහල් මංගල්‍යය’ සඳහා මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනාවේ බලඇණි, පුහුණු පාසල් සහ ඒකකයන්හි සේවයේ නියුතු....
2018-10-14 18:51:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (12) දින වවුනියාව සහ අවට ප්‍රදේශයන්හි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා පොල් පැළ මෙන්ම හල්මිල්ල, මී, බුලු, කුඹුක්, දිවුල් සහ සියඹලා ඇතුළු ආර්ථිකමය වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදෙන ලදී.
2018-10-14 15:15:08
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 55 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ ‘දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන, 52 සහ 55 වන සේනාංක මූලස්ථානයන් හිදී ඔක්තෝම්බර් මස පළමු සති දෙක තුල පවත්වනු ලැබීය.
2018-10-14 15:00:08
ඉංජිනේරු බලසේනාවේ 18 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර බ්‍රහස්පතින්දා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි අරඹනු ලැබීය.
2018-10-14 14:51:08
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වාර්ෂාපතනය හේතුවෙන් මාපලගම - පෝද්දිවෙල මාර්ගයේ මලාමුර ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගයට කඩාවැටීම පිළිබඳ සැලවීමෙන් අනතුරුව බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනාව බලප්‍රදේශයේ ස්ථානගත.....
2018-10-14 00:13:24
කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් මංජුල මනතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සිකුරාදා (12) දින පිරිනමනු ලැබීය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, 1993 වර්ෂයේ වාලච්චේනි, නස්වනතිව් ප්‍රදේශයේ....
2018-10-13 10:14:21
69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබුණ යුද්ධ හමුදා දිනයේ දී කොළඹ යුද්ධ හමුදා රෝහලේ උපත ලද බිලිදුන් වෙත ස්වර්ණාභරණ ප්රදානය කිරීම සඳහා සුභසාධක අධ්‍යක්ෂක මණ්ඩලයේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සේවා වනීතා ඒකකයේ ගරු සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහභාගි විය.
2018-10-12 15:26:24
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට බ්‍රහස්පතින්දා (11) දින සිට බලපැවැත්වෙන පරිදි නිල උසස්කර ඇති බැව් යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.