Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2018 19:00:56 Hours

ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් සඳහා 681, 682 සහ 683 වන බලසේනාවන්හි භට පිරිස්හි සහාය

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681, 682 සහ 683 යන බලසේනාවන්හි භට පිරිස් 69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව සිකුරාදා (12) දින අදාළ බලප්‍රදේශයන්හි දී ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදි.

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 50 ක් සහ 681 වන බලසේනා මූලස්ථානයට අයත් 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 250 ක් එක්ව ‘පිරිසිදු වෙරළක්-ලස්සන රටක්’ තේමාව යටතේ මුලතිව්, පුදුකුඩිඉරිප්පු හා මුහුදුබඩපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගය ඇතිව මුල්ලිවයික්කාල් බටහිර සිට චලෙයි දක්වා වෙරළ තීරය දක්වා පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කළහ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති ගේ ආශිර්වාදය ඇතිව 68 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ පූර්ණ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන සඳහා 681 වන බලසේනාවේ බලසේනාධිපති, මුලතිව් ප්‍රාදේශීය ලේකම්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් සහ මුහුදුබඩපත්තුවේ ප්‍රාදේශීය ලේකම් ද සහභාගි වූහ.

එමෙන්ම, 682 වන බලසේනාවේ සහ 683 වන බලසේනාවේ භට පිරිස් විසින් යුද්ධ හමුදා දිනයට සමගාමීව සමාජ සත්කාරක ව්‍යාපෘති සහ පූණ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව, 682 වන බලසේනාවේ භට පිරිස් පුදුකුඩිඉරිප්පු රෝහලේ නේවාසික රෝගීන් සහ කාර්යමණ්ඩල සමාජිකයින් සඳහා දිවා ආහාරය ලබාදෙන ලද අතර, එම බලසේනාව යටතේ ස්ථාපිත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වල්ලිපුරම් ඉනියාවල්වු ඉල්ලම් විද්‍යාලයේ ළමුන් සඳහා ආහාර පාර්සල් බෙදාදෙනු ලැබීය. එසේම, වෙනාවිල් වන්නන් පෙර පාසලේ ළමුන් සඳහා පාසල් උපකරණ තොගයක් ද බෙදාදෙන ලදි.

මීට අමතරව, එදිනම 683 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් කලෙයිවානි පෙර පාසලේ සහ මාතුසා පෙර පාසලේ ළමුන් සඳහා තේපැන් සහ කෙටි ආහාරවේලක් ලබාදෙන ලදි. Running sports | Nike Shoes, Sneakers & Accessories