14th October 2018 15:00:08 Hours
ඉංජිනේරු බලසේනාවේ 18 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර බ්‍රහස්පතින්දා (04) දින ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි අරඹනු ලැබීය.
බූ ඔය පිහිටි ඉංජිනේරු බලසේනා පරිශ්‍රය වෙත පැමිණි බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව සංකේතාත්මකව නිළ ලේඛණයකට අත්සන් තබමින් ඉංජිනේරු බලසේනාවේ නව බලසේනාධිපති ලෙස රාජකාරි භාර ගන්නා ලදි.
2015 සිට 2016 දක්වා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු මුලස්ථානයේ සේනාවිධායක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර, 571 බලසේනාවේ බලසේනාධිපති, 583 වන බලසේනාවේ බලසේනාධිපති, ඉංජිනේරු බලසේනාවේ කර්නල් (ව්‍යාපෘති), 8 වන , 9 වන සහ 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවන්හි අණදෙන නිලධාරී, 12 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරී, 6 වන ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන (බලඝණ මුලස්ථාන) ඇතුලු තනතුරු ගණනාවක් හොබවා ඇත. Nike air jordan Sneakers | Men’s shoes