Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2018 14:51:08 Hours

581 වන බලසේනාවේ භට පිරිස් අවහිර වූ මාර්ගය යථාතත්ත්වයට පත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණිපාත වාර්ෂාපතනය හේතුවෙන් මාපලගම - පෝද්දිවෙල මාර්ගයේ මලාමුර ප්‍රදේශයේ පස් කන්දක් මාර්ගයට කඩාවැටීම පිළිබඳ සැලවීමෙන් අනතුරුව බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයට අයත් 581 වන බලසේනාව බලප්‍රදේශයේ ස්ථානගත 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ සහ ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 23 දෙනෙකු යුහුසුළුව ක්‍රියාත්මකවී මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට සමත්විය.

මෙම මාර්ගය හරහා පස් කන්ද කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව දැනුම්දීමෙන් අනතුරුව 58 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් මාර්ගයේ ගමනා ගමනය යථාතත්ත්වයට පත් කරලීම සඳහා කඩිනමින් කටයුතු කරන ලදී. Nike shoes | Men’s shoes