Header

Sri Lanka Army

Defender of the Nation

13th October 2018 10:14:21 Hours

යුද්ධ හමුදා දිනයේ ඉපදුනු බිලිදන්ට ස්වර්ණාභරණ ප්‍රදානයක්

69 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව ඔක්තෝම්බර් මස 10 වන දිනට යෙදි තිබුණ යුද්ධ හමුදා දිනයේ දී කොළඹ යුද්ධ හමුදා රෝහලේ උපත ලද බිලිදුන් වෙත ස්වර්ණාභරණ ප්‍රදානය කිරීම සඳහා සුභසාධක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා සේවා වනීතා ඒකකයේ ගරු සභාපතිණි චන්ද්‍රිකා සේනානායක මැතිණිය සහභාගි විය.

බ්‍රහස්පතින්දා (11) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ සිදුකල සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි අනුෂා ප්‍රනාන්දු මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි බ්‍රිගේඩියර් ඩි.ටි.එන්. මුණසිංහ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ සහ යුද්ධ හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා එක්ව සිටියහ.

ඒ අනුව, යුද්ධ හමුදා දිනයේ උපත ලැබු පුතණුවන් 04 දෙනෙකු හට එකක් රුපියල් 9,800/= ක වටිනාකමින් යුත් පංචායුධ 04 ක් සහ දියණියන් 06 දෙනෙකු හට එකක් රුපියල් 10,800/= ක වටිනාකමින් යුත් කරාබු යුවල් 6 ක් පරිත්‍යාග කරනු ලැබීය. මෙම සංචාරයේ දී සේනානායක මැතිණිය එම දරුවන්ගේ මවුවරුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉල්ලීමකට අනුව බම්බලපිටිය රාජා ජුවලර්ස් හී අනුග්‍රහකත්වය ඇතිව ඔක්තෝම්බර් මස (10) දිනට යෙදුණු යුද්ධ හමුදා දිනයේ දී උපත ලද බිලිදුන් වෙත මෙලස ස්වර්ණාභරණ ප්‍රදානය කරනු ලැබීය. bridgemedia | Asics Onitsuka Tiger