14th October 2018 18:51:56 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංක මූලස්ථානයේ සම්බන්ධිකරණයෙන් සිකුරාදා (12) දින වවුනියාව සහ අවට ප්‍රදේශයන්හි තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සඳහා පොල් පැළ මෙන්ම හල්මිල්ල, මී, බුලු, කුඹුක්, දිවුල් සහ සියඹලා ඇතුළු ආර්ථිකමය වටිනාකමින් යුත් පැළ තොගයක් බෙදාදෙන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් 61 වන සේනාංක බලප්‍රදේශයේ අක්කර භාගයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් හිමි සිවිල් වැසියන් 103 දෙනෙකුට ප්‍රතිලාභ සැලසිණි. මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට පෙර, කෘෂිකර්මික සමීක්‍ෂණයකට අනුව ඔවුනගේ භූමි තුල වගාකිරීමට සුදුසු බීජ සහ පැළ වර්ග තෝරාගනු ලැබීය.
වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ සංකල්පයකට අනුව 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සි.ජි.ජේ. තිලකරත්න විසින් සුහදත්වය සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබූ අතර ‘අපි වවමු රට නගමු’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මෙවැනි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් දියත් කරන ලෙස සියලු සේනාංක සහ බලසේනා දිරීගන්වනු ලැබීය.
යුද්ධ හමුදා දිනයට සමගාමීව පවත්වනු ලැබු මෙම වැඩසටහනේ දී 612 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ගේ මූලිකත්වයෙන් එම ප්‍රදේශයේ පෙර පාසල් ළමුන් 33 දෙනෙකු වෙත පාසල් බෑග් සහ අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය තොගයක් බෙදාදෙනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම්. හනීෆා මහතා සහභාගි වූ අතර වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එච්.පි.එන්.කේ ජයපතිරන, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න, වවුනියාව අතිරේක දිස්ත්‍රික් ලේකම් තේරේෂ් කුමාර මහතා, වවුනියාව ප්‍රදේශිය ලේකම් කේ. උදයරාජ මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරු ඩි. වෛකුන්තන් මහතා සහ ඉරනයිල්ලුපුකුලම් රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රොහාන් සුමනසේකර ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. Running sports | nike fashion