12th October 2018 15:26:24 Hours
සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනෙකු තාවකාලික මේජර් ජෙනරාල් නිලයට බ්‍රහස්පතින්දා (11) දින සිට බලපැවැත්වෙන පරිදි නිල උසස්කර ඇති බැව් යුද සේවා ලේකම් ශාඛාව විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
අනුරාධපුර පිහිටි උතුරු මැද නඩත්තු පෙදෙසේ ආඥාපති ලෙස රාජකාරි කරනු ලබන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එච්. කුලතුංග 2018 ඔක්තෝම්බර් මස 03 වන දින සිට තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය.
යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්‍ෂ මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් එච්.ආර්.ආර්.පී. ගුණතිලක 2018 ඔක්තෝම්බර් මස 11 වන දින සිට තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක ලෙස රාජකාරි කරනු ලබන බ්‍රිගේඩියර් කේ.එම්.ඩි.ඒ.ඒ ද සිල්වා 2018 ඔක්තෝම්බර් මස 12 වන දින සිට තාවකාලික මේජර් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීය.
ආධාරක, සේවා සහ පාබල බළඇණියන්හි රාජකරි කරනු ලබන උසස්වීම් ලැබු මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරින් මානුෂීය මෙහෙයුමේ දී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ අතර බෙදුම්වාදී ත්‍රස්තවාදින්ට එරෙහි සටනේ දී රට වෙනුවෙන් කෘතහස්ථ සේවයක් ඉටු කර ඇත. trace affiliate link | Air Jordan