Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2018 15:15:08 Hours

යාපනය භට පිරිස් දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබඳ දැනුවත් කෙරේ

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපති 55 වන සේනාංකය විසින් සංවිධානය කරනු ලැබූ ‘දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශන යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථාන, 52 සහ 55 වන සේනාංක මූලස්ථානයන් හිදී ඔක්තෝම්බර් මස පළමු සති දෙක තුල පවත්වනු ලැබීය.

මෙම දේශනයන්හි දේශන සහාය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ (බාහිර සේවා) ඩබ්ලිව්. මාරසිංහ මහතා, ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ මනෝ චිකිත්සක උපදේශක ඉසුරු සමරකොන් මහතා ඇතුළු නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික් ජාතික අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ ටී.ජි. ආරියරත්න මහතා සහ සංජිව විජේරත්න මහතා විසින් ලබාදෙනු ලැබීය.

මෙම දේශන පැවැත්වීම සඳහා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහයෝගය ද ලබාදෙනු ලැබීය.

මෙම දේශනයන් හිදී ‘දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති ආදීනව’ පිළිබඳවත් එයින් සිදුවන සමාජීය, ආර්ථිකමය හා පෞද්ගලික පරිහානිය, අහිතරක බලපෑම් ආදිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කල අතර යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් මෙම දේශනය සඳහා සහභාගි වූහ. Sports News | nike air barkley posite 76ers shoes for women Maximum Volume DJ4633-010 Release Date - SBD