14th October 2018 00:13:24 Hours
කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් මංජුල මනතුංග වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් සිකුරාදා (12) දින පිරිනමනු ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්, 1993 වර්ෂයේ වාලච්චේනි, නස්වනතිව් ප්‍රදේශයේ දී දියත් කරනු ලැබු ‘මුහුදු සුළං’ ක්‍රියාන්විතයේ දී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබු ගැමුණු හේවා රෙජිමේන්තුවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ද වේ. එම ආබාධිත තත්ත්වය නොතකා, මේජර් මංජුල මනතුංග සිය යුද්ධ හමුදා සේවා කාලය තුල අණදීම් සහ මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇති අතර, වයලින් වාදනය ඇතුළු අනෙකුත් සංගීත භාණ්ඩ වාදය වැනි සෞන්දර්යාත්මක හැකියාවන්ගෙන් සහාජ දක්‍ෂතාවයක් හිමි එතුමන් ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි ලෙසත්, 23 වන සේනාංකයේ (පාලන හා භඨකාර්ය සම්පාදන) ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I ලෙසත් සහ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (පාලන) ලෙසත් කටයුතු කර ඇත.
වර්තමානයේ මේජර් ජෙනරල් මංජුල මනතුංග, හේකිත්ත රණවිරු සම්පත් කේන්ද්‍රයේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලබයි.
රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි නව මේජර් ජෙනරාල් තුමන් රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ. ප්‍රේමතිලක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමු අතර, පෙළපාලියේ අණදෙන නිලධාරි විසින් පෙළපාලිය පරික්‍ෂා කිරීම සඳහා නව උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කැටුවයන ලදී.
ඉන් පසු එතුමන්, රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක් වූ අතර, අනතුරුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයත් සමඟින් උත්සවයේ වැඩ කටයුතු අවසන් විය.
මෙම අවස්ථාව සඳහා නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ. short url link | Autres