Header

Sri Lanka Army

Defender of the Nation

14th October 2018 18:55:56 Hours

පාසල් සිසුන්ට නායකත්ව පුහුණු වැඩමුළුවක්

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 84 දෙනෙකු සඳහා ‘නායකත්වය හා ධනාත්මක චින්තනය’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඔක්තෝම්බර් මස 10 සහ 11 දිනයන් හිදී පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථානගත 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම, සමාජ විනය වැඩිදියුණු කිරීම, වෘත්තීය පුහුණු කුසලතා වැඩිදියුණු කිරීම, අභියෝග ජයගැනීම සඳහා මානසික වටපිටාව සකස් කිරීම, යහපත් සමාජ අපේක්‍ෂාවන් වර්ධනය කිරීම සහ මානසික සමතුලිතතාවය පවත්වා ගැනීම යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් මෙම පුහුණු වැඩමුළුව පැවැත්වූ අතර මෙම වැඩමුළුව සඳහා ගුරුවරුන් ද එක්ව සිටියහ.Asics shoes | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD