2018-10-19 11:25:29
කිලිනොච්චි ප්‍රදේශයේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික ශක්තිමත්භාවය පරීක්‍ෂා කිරීම සඳහා නව තරඟයක් බදාදා (17) දින පරවිපන්චාන් මහජන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද අතර, ඒ සඳහා සේනාංක මට්ටමින් බලඇණි 34 ක් තරඟ කරනු ලැබීය.
2018-10-18 23:25:29
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan - 2) අද (18) උදෑසන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් චුන්ඩිකුලම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ද එක්ව සිටියහ.
2018-10-18 16:04:30
කල්මඩු ග්‍රාම සේවා කොට්ඨාසයේ පිහිටි වයිරවමුන්ඩිමුරිප්පුවැව්බැම්මේ ජල කාන්දුවීමක් පිළිබඳව සැලවීමත් සමඟ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔක්තෝම්බර් මස 15 දින සිට 17 දින....
2018-10-17 17:34:53
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් බදාදා (10) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදා වෘත්තීමය සූපවේදින් හට ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදුන්හ. ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ....
2018-10-17 14:11:33
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තිස්එක් දෙනෙකු එක්ව මුලන්කාවිල් කාලෙයි මහල් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (12) දින දියත් කරනු ලැබීය.
2018-10-17 14:05:09
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මදුරුවන් බෝවීම වැළැක්වීමේ අරමුණින් අඟහරුවාදා (16) දින කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය, පූල්ලෙයාර් කෝවිල සහ මුරුසමොටෙයි පෙර පාසල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2018-10-17 14:00:33
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් බදාදා (17) දින දවස පුරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
2018-10-17 13:53:09
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවති ඉංග්‍රිසි භාෂා සංවර්ධන පාඨමාලාවේ සමාප්ති උත්සවය බදාදා (17) දින පැවැති අතර එහිදි පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 41 දෙනෙකු වෙත සහතිකපත් පිරිනමන ලදි.
2018-10-17 13:50:09
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් පැසිපන්දු කණ්ඩායම් 13 ක් හා බැඩ්මින්ටන් කණ්ඩායම් 26 ක ගේ සහභාගීත්වයෙන් බදාදා (17) දින දවස පුරාවට තරඟාවලියක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.
2018-10-17 13:45:09
ආර්ථිකමය වටිනාකමින් යුතු පැළ වගාකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් උනන්දු කිරීමේ අරමුණින් පැළ බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (16) දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන ගේ අනුග්‍රහය යටතේ ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පවත්වන ලදී. කොස්, මී, පොල්, කුඹුක්, දෙල් , අඹ, නා ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් පැළ 200 කට අධික ප්‍රමාණයක්....