17th October 2018 13:53:09 Hours
යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවති ඉංග්‍රිසි භාෂා සංවර්ධන පාඨමාලාවේ සමාප්ති උත්සවය බදාදා (17) දින පැවැති අතර එහිදි පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 41 දෙනෙකු වෙත සහතිකපත් පිරිනමන ලදි.
පුරා මාස තුනකට අධික කාලයක් පැවැති මෙම පාඨමාලාව 2018 ජූලි මස 10 වන දින ආරම්භ කල අතර ඉංග්‍රිසි සංවාද, ලිවීම සහ කතාකිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් පාඨමාලාවට සහභාගිවූවන්ගේ දැනුම සංවර්ධනය කරනු ලැබීය.
පාඨමාලාවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර එහිදි පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූවන් සඳහා සහතිකපත් ද පිරිනැමුහ. best shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092