17th October 2018 13:50:09 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකක නියෝජනය කරමින් පැසිපන්දු කණ්ඩායම් 13 ක් හා බැඩ්මින්ටන් කණ්ඩායම් 26 ක ගේ සහභාගීත්වයෙන් බදාදා (17) දින දවස පුරාවට තරඟාවලියක් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.
පැසිපන්දු තරඟාවලියේ අවසන් තරඟවටය සඳහා 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සහ 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම තේරීපත් වූ අතර, ඉතා දක්‍ෂ ලෙස තරඟ වැදුණු 9 වන විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම වෙත එහි ශුරතාවය හිමිවිය.
එසේම, බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලැබූ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන කණ්ඩායම හා 21 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම අතර පැවති තරගයෙන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන කණ්ඩායම ජය හිමිකරගැනීමට සමත්විය.
මෙම තරඟාවලියේ සහතිකපත් ප්‍රදානොත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන සහභාගි වූ අතර, 57 වන සේනාංකයේ සහ 66 සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් හා ඒකක අණදෙන නිලධාරින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. short url link | Footwear