19th October 2018 11:25:29 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ සේවය නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශාරීරික ශක්තිමත්භාවය පරීක්‍ෂා කිරීම සඳහා නව තරඟයක් බදාදා (17) දින පරවිපන්චාන් මහජන ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද අතර, ඒ සඳහා සේනාංක මට්ටමින් බලඇණි 34 ක් තරඟ කරනු ලැබීය.
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ සංකල්පයකට අනුව පැවැත් වූ මෙම “හර්කියුලියන්” (Herculean Competition) තරඟය සදහා සහාභාගිවූ බලඇණි විසින්, ක්‍රියා විරහිත කළ ට්‍රක් රථයක් තල්ලු කිරීම, ජල කෑන් 25 ක් (එක් කෑනයක ලීටර් 20) සහ වැලි කොට්ට 25 ක් (එක් වැලි කොට්ටයක කිලෝ 20) රැගෙනයාම, ට්‍රැක්ටර් ටයර් පෙරළමින් ඉදිරියටයාම (මීටර් 100 ක දුරක්), උරහිස් මත සාමාජිකයන් 4 ක් රැගෙනයාම සහ මීටර් 100 සහාය දිවීම යන ඉසව්වලදී දක්‍ෂ ලෙස තරඟ කළ අතර ඉන් බලඇණි 7 ක් අවසන් වටයේ තරඟ සඳහා තෝරාගන්නා ලදි.
අවසන් වටයේදි 11 වන ගජබා රෙජිමේන්තු කණ්ඩායම විසින් ලකුණු 8,974 ලබාගනිමින් ශුරතාවය දිනාගත් අතර, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදා කණ්ඩායම විසින් ලකුණු 7.601 ලබාගනිමින් අනුශුරතාවය දිනාගැනීමට සමත් විය.
මෙම තරඟාවලිය අවසානයේ පැවති ත්‍රයගා ප්‍රදාන උත්සවය සඳහා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා සපැමිණි අතර එතුමන් විසින් මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදි, 57 වන සේනාංකයේ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. trace affiliate link | balerínky