18th October 2018 23:25:29 Hours
යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ‘හාර්මටාන් - 2’ (Harmattan - 2) අද (18) උදෑසන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් චුන්ඩිකුලම් ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ද එක්ව සිටියහ.
මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාස අධ්‍යක්‍ෂක ලෙස බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න කටයුතු කරනු ලබන අතර, චුන්ඩිකුලම් සිට මනල්කාඩු දක්වා පැවැත්වෙන මෙම අභ්‍යාසයේ පළමු අදියර සඳහා සංග්‍රාමික රථ 60 ක් සමගින් සංග්‍රාමික රථ ආරක්‍ෂක භටයින් 400 ක් සහභාගි වේ.
මෙම ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ දී ආරක්‍ෂක භට කණ්ඩය වෙත සතුරු ප්‍රහාරයන් එල්ල කිරීමට ද උත්සහ දරණ අතර භට පිරිස් විසින් එම අභීයෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් අභ්‍යාසය සිදුකිරීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ ක්‍රියාපටිපාටියට අනුකූලව සිදුකරනු ලබන මෙම අභ්‍යාසයේ දෙවන අදියර පුනරීන් සිට වෙඩිතල්තිව් දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අභ්‍යාසය තුලින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මනා දැනුමක් හා අවබෝධයක් ලැබෙනු ඇත.latest Running | Sneakers