Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2018 14:05:09 Hours

මදුරුවන් බෝවීම වැළැක්වීමට යුද්ධ හමුදාවේ සහාය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මඳුරුවන් බෝවීම වැළැක්වීමේ අරමුණින් අඟහරුවාදා (16) දින කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය, පූල්ලෛයාර් කෝවිල සහ මුරුසමොටෙයි පෙර පාසල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 14 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව කිලිනොච්චි ක්‍රීඩා සංකීර්ණය සහ පූල්ලෙයාර් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.

මීට අමතරව, 15 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 21 දෙනෙකු ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව මුරුසමොටෙයි පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරන ලදී.

මෙම ශ්‍රමදාන වැඩසටහන් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මඟපෙන්වීම යටතේ 571 සහ 573 වන බලසේනාධිපතිවරුන් විසින් ක්‍රියාවට නංවනු ලැබීය. buy shoes | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK