17th October 2018 17:34:53 Hours
‘නිරෝගී හමුදාවක් - නිරෝගී දැයක්’ ව්‍යාපෘතියේ තවත් එක් වැඩසටහනක් බදාදා (10) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ දී පැවැත්වූ අතර, එහිදී යුද්ධ හමුදා වෘත්තීමය සූපවේදින් හට ‘නිරෝගී ආහාර වේලක්’ පිළියෙල කරන ආකාරය පිළිබදව මනා දැනුමක් ලබාදුන්හ.
‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානි බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම් විජේවර්ධන ගේ උපදෙස් මත නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන දියත් කරනු ලැබීය.
‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියට අදාළව සුපවේදි ක්‍රමවේදයන්, සෞඛ්‍යාරක්ෂිත ආහාරවේලක් පිලියෙල කිරීමේ ක්‍රමෝපායන්, නිවැරදි පෝෂ්‍යදායි ආහාර වේලක් සකසා ගැනීම, දියවැඩියාව හා බෝ නොවන රෝග සම්බන්ධව අධ්‍යාපන වැඩසටහන් සහ දේශන පවත්වනු ලැබීය. මීට අමතරව සහභාගී වූවන් යොමු කරන ලද ගැටළුවලට ද පිළිතුරු ලබාදෙනු ලැබීය.
මෙම වැඩමුළුවේ දී ‘නිරෝගිමත් බව ධනය වේ’, ‘ආහාර පිසීමේ ශිල්පීය ක්‍රම’ සහ ‘ආහාර වල පෝෂ්‍ය පදාර්ථ රඳවා ගැනීම’ යන තේමාවන් යටතේ ‘නිරෝගීමත් හමුදාවක් - නිරෝගීමත් දැයක්’ ව්‍යාපෘතියේ ප්‍රධානී බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ. එස්. විඡේවර්ධන, මේජර් එච්.එම්.කේ.එම් හේරත්, මේජර් යූ. එම්. මල්ලවාරච්චි, ලුතිනන් ඒ.කේ.කේ. උඩගම, පෝෂණවේදීනි කුමුදුනී සතරසිංහ මහත්මිය, විශේෂ සුපවේදි එන්.කේ. ධර්මසිරි සිල්වා සහ තවත් උපදේශකවරුන් හා පෝෂණවේදීන් රැසක් දේශන පවත්වනු ලැබීය. තවද නිවැරදිව ආහාර වර්ග, පරිභෝජන ප්‍රමාණය හා තෝරාගත් ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව එම අවස්ථාවේදී උපදේශකවරුන් විසින් වැඩමුළුව සඳහා සහභාගි වූවන් දැනුවත් කරන ලදී.
මේ සඳහා දිවයින පුරා ආරක්‍ෂක සේනා මූලස්ථානයන් නියෝජනය කරමින් නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක් සමඟින් අනුරාධපුර 3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පුහුණු පාසලේ සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයන්ට අනුයුක්ත වෘත්තීමය යුද්ධ හමුදා සූපවේදින්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.affiliate tracking url | Sneaker & Lifestyle News