Header

Sri Lanka Army

Defender of the Nation

18th October 2018 16:04:30 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කරයි

කල්මඩු ග්‍රාම සේවා කොට්ඨාසයේ පිහිටි වයිරවමුන්ඩිමුරිප්පු‍වැව්බැම්මේ ජල කාන්දුවීමක් පිළිබඳව සැලවීමත් සමඟ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඔක්තෝම්බර් මස 15 දින සිට 17 දින දක්වා තෙදිනක් පුරා සිදුකරනු ලැබු ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව වැව්බැම්මේ ජල කාන්දුවීම නවතාලීමට සමත් විය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න ගේ උපදෙස් මත 611 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් එල්.ඩි.එස්.එස්. ලියනගේ ගේ අධික්‍ෂණය යටතේ 25 වන පාබල හමුදාවේ සහ 17 (ස්වේච්ජා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබීය.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැලුණු ධාරිණිපාත වර්ෂාපතනය හේතුවෙන් වැවේ ජල මට්ටම ඉහලගොස් ඇති අතර වැව් බැම්ම බිදිගොස් ජලය කාන්දුවීම ප්‍රදේශයට තර්ජනයක්ව පැවතිණි.Sports News | nike fashion