Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2018 13:45:09 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා ආර්ථිකමය වටිනාකමින් යුත් පැළ බෙදාදෙයි

ආර්ථිකමය වටිනාකමින් යුතු පැළ වගාකිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් උනන්දු කිරීමේ අරමුණින් පැළ බෙදාදීමේ වැඩසටහනක් අඟහරුවාදා (16) දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන ගේ අනුග්‍රහය යටතේ ආරක්‍ෂක අමාත්‍යංශයේ දී පවත්වන ලදී.

කොස්, මී, පොල්, කුඹුක්, දෙල් , අඹ, නා ඇතුළු ආර්ථික වටිනාකමින් යුත් පැළ 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙත ප්‍රදානය කරනු ලැබීය.

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන, ආරක්‍ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා, ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවීර ඇතුළු ආරක්‍ෂක අමාත්‍යංශයේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.Nike Sneakers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ