Header

Sri Lanka Army

Defender of the Nation

17th October 2018 14:11:33 Hours

පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් තිස්එක් දෙනෙකු එක්ව මුලන්කාවිල් කාලෙයි මහල් පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් සිකුරාදා (12) දින දියත් කරනු ලැබීය.

මෙම ශ්‍රමදාන වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රංජිත් අබේසිංහ ගේ අධීක්‍ෂණයෙන් යුතුව දියත් කරනු ලැබීය. Sports brands | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ