17th October 2018 14:00:33 Hours
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ සිසුන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් බදාදා (17) දින දවස පුරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී පවත්වනු ලැබීය.
මෙම පුහුණු වැඩමුළුවේ දී, නායකත්ව ගුණාංග ප්‍රවර්ධනය කිරීම, සමාජ විනය වැඩිදියුණු කිරීම, වෘත්තීය පුහුණු කුසලතා වැඩිදියුණු කිරීම, අභියෝග ජයගැනීම සඳහා මානසික වටපිටාව සකස් කිරීම, යහපත් සමාජ අපේක්‍ෂාවන් වර්ධනය කිරීම, හැකියාවන් වැඩිදියුණු කිරීම සහ මානසික සමතුලිතතාවය පවත්වා ගැනීම යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළහ.
මෙම එක්දින පුහුණු වැඩමුළුව සඳහා සිසුන් 63 දෙනෙකු සහභාගි වූහ. latest Running | Men Nike Footwear