2018-12-24 15:05:32
නවීකරණය කරන ලද නව පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් වෙත අඟහරුවාදා (18) දින පැවැති උත්සවයකදී පවරාදෙනු ලැබීය.
2018-12-24 14:52:48
ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ වවුනියාව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් වර්තමාන සමාජීය ප්රවණතා සහ සමාජ මාධ්‍ය සන්දර්භය තුල ‘ගෘහස්ථ හිංසනය, ළමා අපයෝජන හා ප්‍රතිවිපාක’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සඳුදා (17) දින පවත්වනු ලැබීය.
2018-12-24 13:52:48
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 61 වන සේනාංකයෙහි හා 613 වන බලසේනාවේ භට පිරිස් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ එවා භාවිතයෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් 61 වන සේනාංක මූලස්ථානයේදි අඟහරුවාදා (18) දින පවත්වනු ලැබීය.
2018-12-23 17:33:35
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන්ගේ වාර්ෂික සුහද හමුව සිකුරාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කාර්යබහුල රාජකාරී මධ්‍යයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
2018-12-23 17:11:40
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ඇතිව හේමාස් ලංකා පුද්ගලික සමාගමේ සන්නිවේදන සහ තිරසාර සංවර්ධනය සාමාන්‍යාධිකාරී මෙන්ම හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් මන්නාරම...
2018-12-22 12:34:02
කිලිනොච්චි රෝහල් බලධාරීන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් 30 දෙනෙකු ඉරිදා (16) දින එම ප්‍රදේශයේ රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.
2018-12-21 21:44:18
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පුළුල් අවබෝධයක් සහ අන්තර්ක්‍රියාකාරීත්වයක් ඇතිකරගැනීමේ අරමුණින් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආගමික පූජකවරුන් සුහදව හමුවී අදහස් හුවමාරු කරගත් අතර බදාදා (19) දින මඩකලපුව නගරයේ දී නැගෙනහිර.....
2018-12-21 21:40:46
65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත එම සේනාංකයේ 10 වන සංවත්සරයට සමගාමීව සෙනසුරාදා (15) දින වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. ඒ අනුව, සංවත්සර දිනයේදි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පිරිනමන ලදි. අනතුරුව සේනාංකාධිපතිතුමන් සියළු නිල තේපැන් සංග්‍රහයකට සහභාගි වු අතර නිලධාරී නිවස්නයේ සහ සැරයන් නිවස්නයේ පැවති සුහද හමු සඳහා ද සහභාගි විය. තවද සංවත්සර උත්සවයට සමගාමීව පැවති සංගීත ප්‍රසංගය සඳහා ද සේනාංකාධිපතිතුමන් සහභාගි විය.
2018-12-21 21:38:46
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් උදාවෙන නත්තල් උත්සවයට සමගාමීව අඟහරුවාදා (18) දින කල්වාලන් රෝමානු කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
2018-12-21 21:30:17
‘සියදිවි හානිකරගැනීම වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් බදාදා (19) දින 58 වන සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 17 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 179 දෙනෙකු සඳහා බුස්ස ප්‍රදේශයේ ස්ථානගත ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ දී පැවැත්විණි.