21st December 2018 21:44:18 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පුළුල් අවබෝධයක් සහ අන්තර්ක්‍රියාකාරීත්වයක් ඇතිකරගැනීමේ අරමුණින් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ආගමික පූජකවරුන් සුහදව හමුවී අදහස් හුවමාරු කරගත් අතර බදාදා (19) දින මඩකලපුව නගරයේ දී නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කල නත්තල් කැරොල් ගායන ප්‍රසංගය සඳහා ද සහභාගි විය.
ප්‍රථමයෙන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල්. බණ්ඩාරනායක මහතා හමුවී ඉතා සුහදව සාකච්ඡා කල අතර එහිදි ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය සඳහා රාජ්‍ය බලධාරීන් සහ ආරක්‍ෂක හමුදා සාමාජිකයින් අතර ඵලදායී සන්නිවේදන ජාලයක් ඇති කිරීමට අවශ්‍ය බව අවධාරණය කළහ. අනතුරුව, 24 වන සේනාංක මූලස්ථානයේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරතවූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ව එහි සේනාංකාධිපතිතුමන් ඇතුළු සියලු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර නින්තවුර් මුස්ලිම් පල්ලියේ දී අම්පාර දිස්ත්‍රික් ඉස්ලාම් ආගමික පූජකතුමන් හමුවිය. එහිදි මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අම්පාර මුස්ලිම් සංගමයේ භාරකාර මෙන්ම කල්මුණේයි මොහිඩින් ජුම්මා මුස්ලිම් පල්ලියේ ප්‍රධානි ආචාර්ය එස්.එම්.ඒ. ආසියෙස් (Dr. S.M.A Azeez) සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර නැගෙනහිර පළාතේ සාමකාමී සහජීවනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආරක්‍ෂක තත්ත්වය මෙන්ම ඕනෑම ගැටළුවක් නිරාකරණය කළ හැකි ඵලදායී සන්නිවේදන ක්‍රම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කරමින් සාකච්ඡා කළහ.
ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය සහ 231 වන බලසේනාව එක්ව සංවිධානය කල ‘Christmas Angelic Eve – 2018’ වාර්ෂික නත්තල් කැරොල් ගායන ප්‍රසංගය මඩකලපුව ගාන්ධි උද්‍යානයේ දී ආරම්භ විය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහභාගි වූ අතර මෙම අවස්ථාවට 231 බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් ද සහභාගි වූහ.
23 වන සේනාංකය සහ 231 වන බලසේනාව සහයෝගීතාවයෙන් සංවිධානය කරනු ලැබු මෙම උත්සවය සඳහා ප්‍රදේශයේ කතෝලික ප්‍රජාව සිය සහයෝගය ලබාදුන්හ. මෙම අවස්ථාව සඳහා සපැමිණි සියලුදෙනා පිළිගැනීමේ නර්ථනයකින් සාදරයෙන් පිළිගත් අතර පූජ්‍ය රොෂාන් පියතුමන් විසින් පිළිගැනීමේ කථාව සිදු කරන ලදී. සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ වූ අතර මඩකලපුව බිෂොප් අති උතුම් ආචාර්ය රොහාන් පොන්නයිහා පියතුමන් විසින් නත්තල් පණිවිඩය මෙහිදි සිහිපත් කළහ. අම්පාර දේවස්ථානය, නාවක්කුඩා දේවස්ථානය, සූරී කල්මුණේ දේවස්ථානය, ශාන්ත සිසිලියා විද්‍යාලයේ ගායන කණ්ඩායම් යුද්ධ හමුදාව සමඟ එක්ව මෙම නත්තල් කැරොල් ගායන ප්‍රසංගය සංස්කෘතික අංගයන් කිහිපයක් ද එක් කරමින් වර්ණවත් කළහ.
එහිදි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පැමිණ සිටි සියලු දෙනා ඇමතු අතර මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිතයින් ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම් එම්. උදයකුමර් මහතා, මඩකලපුව නගාරාධිපති ටී. සර්වනභවන් මහතා, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා, මඩකලපුව මහා නගර සභා කොමසාරිස් සිතිරවෙල් මහතා, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කපිල උදළුපොළ සහ 231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහභාගි වූහ.
තවද, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සිය බලප්‍රදේශයේ සිදුකරනු ලබන තවත් සංචාරයක් ලෙස බදාදා (19) දින අම්පාර ප්‍රදේශයේ ස්ථානගත 3 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක සේනා බලමුළු මූලස්ථානයන්හි ක්‍ෂේත්‍ර සංචාරයක නිරතවිය. jordan release date | Nike Air Max 270