23rd December 2018 17:11:40 Hours
වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පූර්ණ සහයෝගය ඇතිව හේමාස් ලංකා පුද්ගලික සමාගමේ සන්නිවේදන සහ තිරසාර සංවර්ධනය සාමාන්‍යාධිකාරී මෙන්ම හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාසකෝරාල මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් මන්නාරම, බටහිර මාන්තෙයි ආසන්නයේ පිහිටි ඉලුප්පකඩවල් ගම්මානයේ ජිවත්වන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් සඳහා පාසල් උපකරණ ඇතුළු ත්‍යාග පාර්සල් තොගයක් බදාදා (19) දින කල්ලඩි ශාන්ත පීටර් දේවස්ථානයේ පැවති උත්සවයක දී බෙදාදෙනු ලැබීය.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගි වූ අතර ශිරෝමි මාසකෝරාල මහත්මිය, හේමාස් අවුට්රිච් පදනමේ මාර්ක් මහතා, 54 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සම්භාවනීය ආරාධිතයින් ලෙස සහභාගි වූහ. තවද මෙම උත්සවය සඳහා කල්ලඩි ශාන්ත පීටර් දේවස්ථානයේ බෙලන් ක්රූස් පියතුමන් සහ ජෙයාවති කන්‍යා සහෝදරිය සහභාගි වූහ.
මෙම උත්සවයේ සැබෑ අරුත විදහාපානු වස් නත්තල් ත්‍යාග තොගයක්ද බෙදාදෙනු ලැබූ අතර උදාවෙන නත්තල් උත්සවයට සමගාමීව මෙහිදි ශාන්ත පීටර් පියවර පෙර පාසලේ සිසුන් සහ 54 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කැරොල් ගී වැඩසටහනක් ද ඉදිරිපත් කළහ.
දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පිරිස සතුටට පත් කරන්නට සමත් වු මෙම වැඩසටහන සදහා 541 සහ 542 වන බලසේනාවේ බලසේනාධිපතිවරුන්, සිසුන් සහ දෙමාපියන් රැසක් සහභාගි වූහ. Adidas footwear | Asics Onitsuka Tiger