24th December 2018 15:05:32 Hours
නවීකරණය කරන ලද නව පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් වෙත අඟහරුවාදා (18) දින පැවැති උත්සවයකදී පවරාදෙනු ලැබීය.
මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ රාජකාරි ඉටු කරනු ලබන නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා අතහැර දමා තිබු කාමර 10 කින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය අලුත්වැඩියා කරන ලදී.
22 වන ඉංජිනේරු සේවා බලඝණයේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.සී. දේශප්‍රිය ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් මෙම ගොඩනැගිලි සංකීර්ණය අලුත්වැඩියා කරනු ලැබීය.
මෙම ගොඩනැගිලි සංකීර්ණ විවෘත කිරීමේ උත්සවය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් සේන වඩුගේ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් රංජන් ප්‍රේමලාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සිදුකල 22 වන ඉංජිනේරු සේවා බලඝණයේ භට පිරිස් කණ්ඩායම සහභාගි වූහ. Sport media | Autres