Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2018 14:52:48 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ වන්නි ප්‍රදේශයේ ගුරුවරුන් සමකාලීන අභියෝගයන් පිළිබඳ දැනුවත් වෙයි

ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින් සහ වවුනියාව අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් වර්තමාන සමාජීය ප්‍රවණතා සහ සමාජ මාධ්‍ය සන්දර්භය තුල ‘ගෘහස්ථ හිංසනය, ළමා අපයෝජන හා ප්‍රතිවිපාක’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී සඳුදා (17) දින පවත්වනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත පැවැති මෙම වැඩසටහනේ දී එම විෂයන් පිළිබඳ ප්‍රවීණ විශේෂඥයින් විසින් සිදුකරනු ලැබු දේශන සඳහා වන්නි පවුල්වල සාමාජිකයින් 1500 කට වැඩි පිරිසක් සහභාගි වූහ.

මෙහිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා ළමා අපචාර, අපයෝජන හා සමාජ මාධ්‍ය / සමාජ විරෝධී ක්‍රියාවන්වල ප්‍රවණතා පිළිබඳව දේශනයක් සිදුකල අතර ඒවායේ සාපරාධී ස්වරූපය පිළිබඳ සිද්ධීන් කීපයක්ම ගෙන හැර දක්වමින් කරුණු අවධාරණය කළහ. තවද සමාජයෙහි සාරධර්ම වර්ධනය කිරීමේ ඇති වැදගත්කම සහ ළමා අපරාධ වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධාරණය කරනු ලැබීය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ දී සුමිත් මදනායක මහතා සහ සචින් දුෂ්‍යන්ත මහතා විසින් සදාචාරාත්මක වටිනාකම් පිළිබඳව ශාස්ත්‍රීය ගීත කිහිපයක් ඇසුරීන් පැහැදිලි කරනු ලැබීය.

මෙම වැඩසටහන සඳහා 21, 54, 56 සහ 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, සන්නද්ධ හමුදා නිලධාරීන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

මෙම වැඩසටහන සඳහා සහභාගි වූ සියලුදෙනාට වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රවාහන පහසුකම් සහ ප්‍රණීත දිවා ආහාර වේලක් ද ලබාදුන්හ. latest jordans | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret