21st December 2018 21:40:46 Hours
65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත එම සේනාංකයේ 10 වන සංවත්සරයට සමගාමීව සෙනසුරාදා (15) දින වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. ඒ අනුව, සංවත්සර දිනයේදි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් හා සම්මාන ආචාර පෙළපාලියක් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පිරිනමන ලදි. අනතුරුව සේනාංකාධිපතිතුමන් සියළු නිල තේපැන් සංග්‍රහයකට සහභාගි වු අතර නිලධාරී නිවස්නයේ සහ සැරයන් නිවස්නයේ පැවති සුහද හමු සඳහා ද සහභාගි විය. තවද සංවත්සර උත්සවයට සමගාමීව පැවති සංගීත ප්‍රසංගය සඳහා ද සේනාංකාධිපතිතුමන් සහභාගි විය.
එමෙන්ම, සංවත්සර උත්සවයට සමගාමීව ක්‍රිකට් සහ වොලිබෝල් තරඟාවලියක් සේනාංකයේ සියළුම නිලයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. තවද සේනාංකයේ 10 වන සංවත්සරයට සමගාමීව තුනුක්කායි ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සුහදත්වය වර්ධනය කරමින් දියත් කල ප්‍රජා සත්කාරක වැඩසටහනක් වූයේ තුනුක්කායි රජයේ දමිළ මධ්‍ය මහා විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදිකිරීමයි.
වර්ෂ 2008 දෙසැම්බර් 15 වන දින 5 වන කාර්ය සාධක බලකාය ලෙස ආරම්භ කරන ලද මෙම සේනාංකය 2009 සැප්තැම්බර් මස 18 දින සිට 65 වන සේනාංකය ලෙස හදුන්වනු ලැබීය. වර්ථමානයේ තුනුක්කායි, ආලන්කුලම් ප්‍රදේශයේ ස්ථානගත මෙම සේනාංකය 651, 652 සහ 653 වන බලසේනා මෙන්ම පාබල බලඇණි 06 කින් ද සමන්විත වේ. Nike air jordan Sneakers | adidas Yeezy Boost 350