21st December 2018 21:38:46 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් උදාවෙන නත්තල් උත්සවයට සමගාමීව අඟහරුවාදා (18) දින කල්වාලන් රෝමානු කතෝලික දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.
65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පේරුම ගේ උපදෙස් මත දියත් කරනු ලැබු මෙම වැඩසටහන සඳහා නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 31 ක් සහභාගි වූහ.
මෙම වැඩසටහන 651 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් චමත් වරකාගොඩ ගේ අධීක්‍ෂණය හා සම්බන්ධීකරණය මත සංවිධානය කරනු ලැබීය. latest jordans | Women's Designer Sneakers - Luxury Shopping