Header

Sri Lanka Army

Defender of the Nation

24th December 2018 13:52:48 Hours

නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව වන්නි භට පිරිස් දැනුවත් කෙරේ

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 61 වන සේනාංකයෙහි හා 613 වන බලසේනාවේ භට පිරිස් සඳහා නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ එවා භාවිතයෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරිමේ වැඩමුළුවක් 61 වන සේනාංක මූලස්ථානයේදි අඟහරුවාදා (18) දින පවත්වනු ලැබීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ. ඩි. සි. ජේ. තිලකරත්න ගේ අධික්‍ෂණය යටතේ පැවැත්වු මෙම වැඩමුළුවෙහි පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ උප පොලිස් පරීක්‍ෂක එස්.එම්. ප්‍රේමරත්න මහතා සහ පොලිස් කොස්තාපල් සුරංග කුමාර මහතා විසින් දේශන මෙහෙයවනු ලැබූ අතර, ඒ සඳහා නිලධාරීන් 28 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 440 දෙනෙකු සහභාගි විය. affiliate tracking url | Nike