23rd December 2018 17:33:35 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන්ගේ වාර්ෂික සුහද හමුව සිකුරාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කාර්යබහුල රාජකාරී මධ්‍යයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් බළලත් නිලධාරී I ඩබ්ලිව්.එම්.එස්.පී. විජේසිංහ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම සුහද හමුව අතරතුර යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගිවූ බළලත් නිලධාරීන් සහ සැරයන්වරුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සිය උණුසුම් සුභපැතුම්ද පිරිනැමීය.
මෙම සුහද හමුවේ පිළිගැනීමේ කථාව යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් විසින් සිදු කල අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ. අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථාන බළලත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ ලේකම් විසින් මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සමගින් සහභාගි වූ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත ද සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. තවද, මෙම අවස්ථාව නර්තන අංග කිහිපයකින්ද වර්ණවත් විය. Authentic Nike Sneakers | UK Trainer News & Releases