2019-01-01 18:32:32
ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදාධිපතතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුරෙන් විපතට පත්වු කිලිනොච්චිය, මුල්ලතිව් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා දකුණේ ජනතාව විසින් ලබාදුන් සහනාධාර තොගයක් ප්‍රවාහනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය අඟහරුවාදා (1) දින ලබා දෙන ලදී.
2019-01-01 00:31:46
නව වර්ෂය උදාවත් සමඟ බලපැවැත්වෙන පරිදි සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ බ්‍රිගේඩියර් එම්.ඒ.ඒ.ඩි. සිරිනාග මේජර් ජෙනරාල් නිලයට මෙන්ම තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 66 දෙනෙකු කර්නල් සහ ලුතිතන් කර්නල් නිලයට උසස් කළහ. මෙම නිලධාරීන් ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම යුද්ධ හමුදාධිපති...
2019-01-01 00:00:00
‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් කොළඹ හින්දු විද්‍යාලයේ දී 2019 මාර්තු මස 02 වන දින උදෑසන 7.30 ට ආරම්භ කිරීමට නියමිත වාර්ෂික ක්‍රිකට් සටනට සමගාමීව ඇරඹෙන පාගමන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යුද්ධ හමුදාවේ සහයෝගය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ලබාදෙනු ඇත.
2018-12-31 15:55:56
සොල්දාදුවන්ගේ සදාචාරාත්මක ගුණාංග වර්ධනය කිරිම තුළින් ආයතනයට කාර්යක්ෂම හා ඵලදායිතාවයෙන් යුත් පුද්ගලයන් පිරිසක් බිහිකිරිමේ අරමුනින් සංවිධානය කරන ලද කාලීන දේශනයක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ පූර්ණ අධීක්ෂණය මත බ්‍රහස්පතින්දා (27) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදි පැවැත්විණි. දේශනය සඳහා එම බල ප්‍රදේශයේ සේවය කරණු ලබන නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් 650 ක් පමණ සහභාගිවූහ.
2018-12-31 15:53:56
11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම සේනාංක මූලස්ථානයේ මග පෙන්වීම මත සිකුරාදා (28) දින නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී පැවැති අතර ඒ සඳහා නිලධාරීන් 66 දෙනෙකු සහභාගි වූහ.
2018-12-31 15:51:56
අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය - 2018 අවසන් තරගය පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි ඉකුත් සෙනසුරාදා (29) දින පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.ඒ අනුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ (පිරිමි) කරාටේ...
2018-12-31 14:55:56
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මගපෙන්වීම යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් බරපතල ලෙස ආපදාවන්ට මුහුණදුන් ප්‍රදේශවල ජනතාව සඳහා පිසු ආහාර....
2018-12-31 14:54:56
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබු අන්තර් සේනාංක සරඹ තරගාවලිය යුද්ධ හමුදා සාමාජිකයින් තුළ අවි සරඹ සහ පා සරඹ පිළිබඳ උනන්දුව වර්ධනය කිරිමේ අරමුණින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන සරඹ පිටියේදි සෙනසුරාදා (29) දින පැවැත්වූ අතර, එහිදි ජයග්රාහකයින්ට සහ සහභාගිවුවන්ටක කුසලාන ප්‍රධානය කිරිමේ අවස්ථාව නැරබීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම සරඹ තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහභාගිවිය.
2018-12-31 14:53:56
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත සහ 56 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් කන්දරෝදසීකුලම් ගම්මානයේ පවුල් 5 ක් සඳහා වියළි ආහාර, ඇඳුම් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම බදාදා (26) දින සිදු කරන ලදි. මෙම වැඩ සටහන සඳහා අවශ්‍ය වූ වියළි ආහාර ඇදුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළුම සේනාංකයන්හි භට පිරිස් විසින් සිදු කරන ලදි.
2018-12-30 23:18:54
ආගමික සහජිවනය, සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු පාසල්, ඉදිරි නඩත්තු පෙදෙස් මුලස්ථාන සහ අනෙකුත් යුද්ධ හමුදා කඳවුරු වෙතින් පසුගිය දින කිහිපය තුළ නත්තල් දිනයට සමගාමීව නත්තල් කැරොල් ගායන ප්‍රසංග....