01st January 2019 18:32:32 Hours
ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉල්ලීමකට අනුව, යුද්ධ හමුදාධිපතතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පාලනය වන 58 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ගංවතුරෙන් විපතට පත්වු කිලිනොච්චිය, මුල්ලතිව් ප්‍රදේශවල ජනතාවගේ ප්‍රයෝජනය සඳහා දකුණේ ජනතාව විසින් ලබාදුන් සහනාධාර තොගයක් ප්‍රවාහනය කිරිම සඳහා අවශ්‍ය සහයෝගය අඟහරුවාදා (1) දින ලබා දෙන ලදී.
ඒ අනුව, බටහිර, වන්නි, කිලිනොච්චි, ආරක්‍ෂක සේනාංකයන්හි යුද්ධ හමුදා සාමාජිකයින් , 58 වන සේනාංකයේ හා තවත් භටපිරිස් විසින් මාතර, ගාල්ල, කළුතර, දකුණ, කොළඹ කොටුව, මරදාන, ගම්පහ, කුරුණෑගල, මහව, ගල්ගමුව, අනුරාධපුර සහ කිලිනොච්චිය දුම්රිය ස්ථාන වෙත සහනාධාර රැගෙන යන දුම්රිය ළඟා වූ විට එම සහනාධාර ද්‍රව්‍ය දුම්රිය වෙත පැටවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදුන්හ. affiliate link trace | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf