Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2018 23:18:54 Hours

යාපනය, මුලතිව්, වන්නි, මධ්‍යම සහ නැගෙනහිර භට පිරිස් නත්තල් උත්සවය උත්කර්ෂවත් අයුරින් සමරයි

ආගමික සහජිවනය, සංහිඳියාව සහ සුහදත්වය තවදුරටත් ශක්තිමත් කරමින් දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මුලස්ථාන, සේනාංක, බලසේනා, පුහුණු පාසල්, ඉදිරි නඩත්තු පෙදෙස් මුලස්ථාන සහ අනෙකුත් යුද්ධ හමුදා කඳවුරු වෙතින් පසුගිය දින කිහිපය තුළ නත්තල් දිනයට සමගාමීව නත්තල් කැරොල් ගායන ප්‍රසංග, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම්, වෛද්‍ය අවශ්‍යතා සැපයීම සහ පාසල් උපකරණ බෙදාදීම් වැනි විශේෂාංග රැසක් පවත්වමින්, සිය දායකත්වය ලබාදුන්හ.

ඒ අනුව, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 522 සහ 523 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ඉරිදා (23) දින යාපනය - දකුණු ඉන්දියා දේවස්ථානයේ දී නත්තල් උත්සවයක් පැවැත්වීම සදහා සහයෝගය ලබාදුන්හ. එහිදි, 12 වන ගැමුණු හේවා බලඇණියේ මෙන්ම 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් දේවස්ථාන 11 කට අයත් ළමුන් 142 ක් සමඟ එක්ව කැරොල් ගායනා, නාට්‍ය සහ නර්තන අංග ඉදිරිපත් කරන ලදි. මේ සඳහා සංගීතය යුද්ධ හමුදා සංගීත කණ්ඩායම සහ විවිධ යුද්ධ හමුදා ඒකකයන්හි කැලිෆ්සෝ සංගීත කණ්ඩායම් කිහිපයක් වෙතින් ලබාදුන්හ. තවද මෙම උත්සවයේ දී යුද්ධ හමුදාවේ අනුග්‍රහය යටතේ තෝරාගත් පවුල් 5 ක් සඳහා වියළි සලාක මළු ද බෙදාදීමක් ද සිදුවිය.

යාපනය අර්ධද්වීපයේ දකුණු ඉන්දියා දේවස්ථානයේ පුජ්‍ය ජෙයනිසම් පියතුමන් සහ බැප්ටිස්ට් දේවස්ථානයේ පුජ්‍ය මුර්ති පියතුමන් සම්බන්ධීකරණයෙන් පැවැත්වු මෙම උත්සවය නැරඹීම සදහා යාපනය අර්ධද්වීපයේ දේවස්ථාන 11 ක පුජකවරුන් 36 දෙනෙක් සහභාගි වුහ.තවද විවිධ ආගම්වල පුජකවරු, යුද්ධ හමුදා සාමාජිකයින්, රාජ්‍ය නිළධාරීන්, පෞද්ගලික සමාගම් වල නිළධාරීන් සහ සිවිල් වැසියන් රැසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වුහ. තවද නත්තල් දිනයට පෙරාතුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යාපනය ප්‍රදේශයේ තෝරාගත් ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු පරිත්‍යාගයක් ද සිදු කරන ලදි.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත නත්තල් දිනයේ (25) දී “ඉනියා වැල්වූ ඉල්ලම්” ළමා නිවාසයේ නේවාසික දරුවන්ට ආහාර හා තෑගි පාර්සල් බෙදා දෙන ලදි. එහිදි ශ්‍රවන හා දෘශ්‍යාබාධ සහිත දරුවන් 27 දෙනෙකු විනෝදාස්වාදයට පත් කිරිම සදහා සංගීත සහ ගීත ගායනා වැඩසටහනක් පැවැත්වුණු අතර ඔවුන්ට නත්තල් සීයා තෑගි ද බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කීර්ති කොස්තා සහභාගි විය. එමෙන්ම, නත්තල් දිනයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් කොප්පාවිල් ගම්මානයේ සිවිල් වැසියන්ට දිවා ආහාර පැකට් තොගයක්ද බෙදාදුන්හ.

මේ අතර, මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ පිහිටි 64 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ගේ අධීක්‍ෂණය යටතේ එම සේනාංකයේ භට පිරිස් නත්තල් ගස්, ගවමඩු ඇතුළු සැරසිලි සිදුකරමින් නත්තල් කලාපයක් නිර්මාණය කරනු ලැබීය. එමෙන්ම, නත්තල් දිනයට සමගාමීව 64 වන සේනාංකය යටතේ ස්ථාපිත 641 වන බලසේනාවේ භට පිරිස් ඔඩ්ඩුසුඩාන් අන්බු ළමා නිවාසයේ නේවාසික ළමුන් 17 ක් සහ කාර්යමණ්ඩලයේ 6 දෙනෙකු වෙත දිවා ආහාරය සහ ත්‍යාග පාර්සල් පිරිනමන ලදී.

මේ අතර, වන්නි ප්‍රදේශයේ සියළු ජාතීන් අතර ආගමික සහජිවනය සහ සංහිදියාව තවදුරටත් පිළිබිඹු කරමින්, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් 613 වන බලසේනාවේ භට පිරිස් මඩු දේවස්ථානයට පිවිසෙන මාර්ගය නත්තල් ගස් වලින් සරසමින් ආලෝකමත් කරනු ලැබීය. ඒ අනුව, 61 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.ඩි.සී.ජි.ජේ. තිලකරත්න ගේ උපදෙස් මත 613 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 24 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම නත්තල් ගස් සහ අනෙකුත් සැරසිලි සිදුකළහ. එමෙන්ම, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වවුනියාව නගරයේ වෙන් වෙන් වශයෙන්ද නත්තල් උත්සව පවත්වන ලදි.

එමෙන්ම, මධ්‍යම කඳුකරයේ ද නත්තල් උත්සවයට සමගාමීව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ උපදෙස් මත සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික නිලධාරි ඇතුළු අනෙකුත් සියළු ශාඛා සහ අංශයන් හී සේවයෙ නියතු හමුදා සාමාජිකයින් විසින්ද නත්තල් උත්සවය සංවිධානය කරනු ලැබීය.

එමෙන්ම, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංක මුලස්ථානය සහ ත්‍රිකුණාමලය කතෝලික ප්‍රජාව එක්ව අඟහරුවාදා (25) දින ත්‍රිකුණාමලය Our Lady of Guadalupe දේවස්ථානයේ දී සංවිධානය කරනු ලැබූ නත්තල් කැරොල් ගායන ප්‍රසංගයක් ද පවත්වනු ලැබු අතර ත්‍රිකුණාමලය නගරයේ ජිවත්වන සියලුම ජනවාර්ගික ප්‍රජාව ඒ සඳහා සහභාගි වූහ. මෙම වැඩසටහන 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නෙවිල් වීරසිංහ ගේ උපදෙස් මත සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන 221 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර විසින් අධීක්ෂණය කල අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ත්‍රිකුණාමලය බිෂොප් අති උතුම් නොඑල් එමානුවෙල් පියතුමන් සහභාගි වූහ.

එහිදි, කලාපයේ පාසල් සිසුන් සාමය සහ සහජීවනය සංකේතවත් කරමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කැරොල් ගී ගායනා කරන ලදී. ඉතා වර්ණවත් වු මෙම අවස්ථාවට විශාල බැතිමතුන් පිරිසක් සහභාගිවු අතර 22 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලු බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සහභාගි වූ පිරිස වෙත තේපැන් සංග්‍රහයක් ද සංවිධානය කරමින් වැඩසටහනට දායකත්වයක් දැක්විය.

තවද, ත්‍රිකුණාමලය නගරය නත්තල් ගස්, ගවමඩු ඇතුළු වෙනත් සැරසිලි වලින් අලංකාරවත් වූ නත්තල් කලාපයකින් සැරසු අතර නත්තල් දිනයේ දී ත්‍රිකුණාමලය බිෂොප් අති උතුම් ආචාර්ය නොඑල් එමානුවෙල් පියතුමන් විසින් එම නත්තල් කලාපය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. තවද මෙම උත්සවය සඳහා සහභාගි වූ නත්තල් සීයා විසින් කුඩා ළමුන්ට නත්තල් ත්‍යාග ද බෙදාදෙනු ලැබීය. ත්‍රිකුණාමලය පොලිස් අංශය ලබාදුන් සහයෝගය මත ප්‍රදේශය පුරා සංචාරය කරමින් කැරොල් ගීත ගායනයට ද, කැරොල් කණ්ඩායමට අවකාශය හිමිවිය. Running Sneakers Store | Nike for Men