31st December 2018 14:53:56 Hours
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත සහ 56 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් කන්දරෝදසීකුලම් ගම්මානයේ පවුල් 5 ක් සඳහා වියළි ආහාර, ඇඳුම් හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම බදාදා (26) දින සිදු කරන ලදි. මෙම වැඩ සටහන සඳහා අවශ්‍ය වූ වියළි ආහාර ඇදුම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළුම සේනාංකයන්හි භට පිරිස් විසින් සිදු කරන ලදි.
තවද, 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය විසින් ප්‍රදේශයේ සිදු කළ සංචාරයකදි නිරීක්‍ෂණය වූ ආපදාවට ලක්ව ඇති පවුල් 02 ක් සඳහා ඔවුන්ගේ නිවාස වල කැඩි තිබු වහලවල් අලුත්වැඩියා කිරීම වෙනුවෙන් තහඩු ලබාදෙන ලදි.
ඒ අනුව 17 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් එම ගම්මානයේ මෑතකදී හානියට පත්වූ නිවාස අලුත්වැඩියා කිරීම ආරම්භ කරනු ලැබීය.
මෙහිදි කන්දරෝදසීකුලම් ගම්වාසීහු ඔවුන් වෙනුවෙන් සිදු කළ මෙම උපකාරයට ප්‍රශංසා කරමින් මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටපිටිය වෙනුවෙන් හා මෙම වැඩ සටහන සංවිධානය කළ 56 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත ඔවුන්ගේ අවංක ස්තුතිය පුදකර සිටියහ. Best Sneakers | Nike