31st December 2018 15:51:56 Hours
අන්තර් රෙජිමේන්තු කරාටේ ශූරතාවලිය - 2018 අවසන් තරගය පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි ඉකුත් සෙනසුරාදා (29) දින පැවැත්වු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගී විය.
ඒ අනුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නියෝජනය කළ (පිරිමි) කරාටේ තරඟකරුවන් ශූරතාවය හිමිකරගත් අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව නියෝජනය කළ තරඟකරුවන් හට හිමිවිය.
මේ අතර, කාන්තා අවසන් තරගයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය ලබාගත් අතර එහි අනුශූරයන් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය නියෝජනය කළ ක්‍රීඩිකාවන් හට හිමිවිය.
මෙහිදි කරාටේ ක්‍රීඩා කණ්ඩායම් විසින් මෙම අවස්ථාව වර්ණවත් කරමින් සංදර්ශනාත්මක අංගයන් ඉදිරිපත් කළ අතර, උත්සවය අවසානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ජයග්‍රාහකයින් හට පදක්කම් සහ සම්මාන පිරිනමනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුණ සුදසිංහ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම උත්සව අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්. ජි. අයි. විද්‍යානන්ද, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම ඉංජිනේරු සේවා බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදා කරාටේ කමිටුවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගිවිය. Running Sneakers Store | Autres