31st December 2018 14:55:56 Hours
කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුල්ෆ් නුගේරා ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ මගපෙන්වීම යටතේ කිලිනොච්චි ප්‍රදේශයේ ඇති වු ගංවතුර තත්ත්වය හේතුවෙන් බරපතල ලෙස ආපදාවන්ට මුහුණදුන් ප්‍රදේශවල ජනතාව සඳහා පිසු ආහාර, වියළි ආහාර, ඇදුම්, ඹෟෂධ, ක්‍ෂණික අවශ්‍යතා සහ රෝගින්ගේ ප්‍රවාහන කටයුතු වැනි විවිධාකාර සහනාධාර ලබාදීම ද නිවාස පිරිසිදු කිරීම , ගංවතුර ආධාර සැපයිම, ජල ළිං සහ ජල මාර්ග අවහිර කර මින් කඩා වැටි තිබු ගස් සහ සුන්බුන් ඉවත් කිරීම මගින් ද, එම ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන්ගේ සමාන්‍ය ජීවන තත්ත්වයන් නැවත යථා තත්ත්වයට පත්කරලීමේ සහන ව්‍යාපෘතින් සදහා 57 සේනාංකයේ යුද්ධ හමුදා සමාජිකයින් සිය සහයෝගය ලබා දුන්හ.
57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ සම්බන්ධීකරණය යටතේ යුද්ධ හමුදාව සමග කොළඹ ‘මහා කරුණා’ බෞද්ධ සංගමය සහ ‘මනුසත් දෙරණ’ එක්ව දියත් කරණ ලද සහන ව්‍යාපෘතිය කිළිනොච්චි කන්දවේලි මහා විද්‍යාලයේ දී සිකුරාදා (28) දින පවත්වනු ලැබු අතර, එහිදි අවතැන් වුවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කිරීම සහ එම සහනාධාර පැකට් බෙදාදීම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.
මෙම පරිත්‍යාග වැඩසටහන ‘මහා කරුණා’ සංගමයේ සාමාජික පුජ්‍ය ආචාර්ය කරදෙටියාන ගුණරත්න ස්වාමින් වහන්සේ සහ සිංගප්පුරු ජාතිකයින් සමග ‘මනුසත් දෙරණ’ නිලධාරීන්, 573 බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සහ රජයේ නිලධාරීන් එක්ව සංවිධානය කර තිබිණ.
මේ අතර, කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ උපදෙස් මත ශ්‍රි ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්, රාජ්‍ය හා අනෙකුත් ආයතන සමඟ එක්ව තවත් සහන ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක කරනු ලැබීය.
57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ උපදෙස් මත කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ඇති 57 සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ යාපනයේ ‘සන්ෂයින් ෆුඩ්’ සමාගම සමග සම්බන්ධ වී සිකුරාදා (28) දින ආහාර සහල් ඇතුළුව සීනි, පරිප්පු, ටින් මාළු, නුඩ්ල්ස්, බිස්කට් පැකට්, තේ, සමපෝෂ, පිටි සහ අනෙකුත් අවශ්‍යතා රත්නපුරම්, බාරතීපුරම්, පොන්නගර්, ඉන්දුපුරම්, උරියාන් සහ කොරක්කන්කඩ්ඩු යන ප්‍රදේශයන්හි 800 ක් පමණ ගංවතුරින් අවතැන් වු ජනතාව සඳහා බෙදාදුන්හ.
මේ අතරතුර, මුලතිව් හි 68 වන සේනාංක බල ප්‍රදේශයේ පිහිටා ඇති උදයාර්කට්ටු වැවේ වැව් ජලය පිටතට ගලා යන පිටවාන අළුත්වැඩියා කිරීම සහ වැලි කොට්ටා අතුරා වැව් බැම්මේ ආරක්‍ෂාව තහවුරු කිරිමට 683 වන බලසේනාව යටතේ ඇති 6 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් සමත්විය. එමෙන්ම බ්‍රහස්පතින්දා (27) දින මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 591 වන බලසේනාවේ සේවයේ නියුතු භටපිරිස් හා Edinbarough (Pvt) Limited ආයතනයේ සම්බන්ධතාවයෙන් යුතුව සෙල්වපුරම් ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත් පවුල් සඳහා පිරිසිදු පානීය ජල බෝතල් බෙදාදීමක් ද සිදුකරන ලදි.
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංකය යටතේ ඇති 641 වන බලසේනාවට අයත් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 6 වන ශ්‍රී ලංකා ආරක්‍ෂක බලමුළුවට අයත් 50 ක පමණ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් 64 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 641 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන්වු පිරිස් සඳහා තාවකාලික කඳවුරු ලෙස නවතැන් පහසුකම් සලසා තිබු මන්නකඩාල් පාසල සහ පණ්ඩරාවනි ප්‍රජාශාලාව පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය සහය ලබාදුන්හ.Sports Shoes | adidas garwen spezial white shoes - New In Shoes for Men