31st December 2018 15:55:56 Hours
සොල්දාදුවන්ගේ සදාචාරාත්මක ගුණාංග වර්ධනය කිරිම තුළින් ආයතනයට කාර්යක්‍ෂම හා ඵලදායිතාවයෙන් යුත් පුද්ගලයන් පිරිසක් බිහිකිරිමේ අරමුනින් සංවිධානය කරන ලද කාලීන දේශනයක් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ පූර්ණ අධීක්‍ෂණය මත බ්‍රහස්පතින්දා (27) දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදි පැවැත්විණි. දේශනය සඳහා එම බල ප්‍රදේශයේ සේවය කරණු ලබන නිලධාරීන් මෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින් 650 ක් පමණ සහභාගිවූහ.
මනෝවිද්‍යා ජ්‍යෙෂ්ඨ උපදේශක සමන්ත නිල්මල්ගොඩ මහතා සහ මත්ද්‍රව්‍ය අධ්‍යාපනය පිළිබඳ තොරතුරු නිලධාරී අයි. එම්. චාමර ප්‍රදීප් කරුණාරත්න මහතා විසින් දේශනය පැවැත් වු අතර, එහිදි සමාජ විරෝධී ප්‍රවණතා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, අපරාධ සහ සමාජ මාධ්‍ය අවභාවිතය ආදී යුද්ධ හමුදා සාමාජිකයින් ඔවුන්ගේ ප්‍රධාන කාර්යභාර්යෙන් සහ රාජකාරියෙන් නොමග යැවිය හැකි ප්‍රවනතාවයන්ගෙන් වැළක්වා ගැනිම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැනුවත් කරණු ලැබීය.
මෙම දේශණය තුළින් ආයතනය තුළ ඵලදායී සේවකයෙකු වීමට සදාචාරාත්මක හා ආදර්ශමත් ලෙස තම හැසිරීම් රටාව ගොඩ නගා ගැනිමට ඉවහල් වන කරුණු කීපයක් පිළිබදවද ඔවුන් විසින් පැහැදිලි කරණු ලැබීය.
දැනුමින් හා අද්දැකිමෙන් පරිපූර්ණ මෙම දේශකයින් දෙදෙනා විසින් දේශනය පවත්වමින් දූෂණ, අපරාධ හා අනෙකුත් සමාජ විරෝධී ක්‍රියා වළක්වා ගැනිම සඳහා සමාජයේ සදාචාරාත්මක ගුණාංග සහ වටිනාකම් වර්ධනය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව පිරිස දැනුවත් කළහ.
මෙම අවස්ථාව සඳහා වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් අනිල් පීරිස් සහභාගිවූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා යුද්ධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ද සහභාගිවිය. bridge media | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth