Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2018 14:54:56 Hours

නැගෙනහිර භටපිරිස් විසින් සරඹ සංදර්ශනයක් ඉදිරිපත් කරති

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය මගින් පවත්වනු ලැබු අන්තර් සේනාංක සරඹ තරගාවලිය යුද්ධ හමුදා සාමාජිකයින් තුළ අවි සරඹ සහ පා සරඹ පිළිබඳ උනන්දුව වර්ධනය කිරිමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන සරඹ පිටියේදි සෙනසුරාදා (29) දින පැවැත්වූ අතර, එහිදි ජයග්‍රාහකයින්ට සහ සහභාගිවුවන්ටක කුසලාන ප්‍රධානය කිරිමේ අවස්ථාව නැරබීම සඳහා විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම සරඹ තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර සහභාගිවිය.

මෙම තරගාවලිය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියළු සේනාංකයන් නියෝජනය වන පරිදි සරඹ කණ්ඩායම් සහාභාගිවූහ. මෙහිදි යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉහල මට්ටමක ඇති විනය සහ දක්‍ෂතාවයන් පිළිබිබු කරමින් පවත්වන ලද වර්ණවත් සරඹ සංදර්ශනය ප්‍රදර්ශනය කෙරුණු ප්‍රථම අංගය බවට පත්විය.

පැවති සරඹ තරගාවලියේ ප්‍රථම ස්ථානය 22 වන සේනාංකය යටතේ ඇති 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබළුන් හිමිකරගත් අතර දෙවන ස්ථානය 24 වන සේනාංකය යටතේ ඇති 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේතුවේ සරඹ කණ්ඩායමට හිමිවිය. ඒ අනුව තුන්වන ස්ථානය 23 වන සේනාංකය යටතේ ඇති 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සරඹ කණ්ඩායම සතුවිය.

අනතුරුව සරඹ තරගාවලියේ හොදම කණ්ඩායම සහ හොඳම කණ්ඩායම් නායකයින් සඳහා සම්මාන, පදක්කම් සහ සහතික පත් පිරිනමන ලදි.

තවද එහිදි, 24 වන සේනාංකය නියෝජනය කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් බී. පී. එම්. කුරේ දක්ෂතම ඛණ්ඩ භාර අණදෙන්නා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කපිතන් එස්. ඒ. සි. ඒ. සුභසංහ හා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ කපිතන් ඩබ්ලිව්. ඩි. එස්. ආර්. විජේසිංහ පිලිවෙලින් දෙවන හා තුන්වන ස්ථානයන් හිමිකරගනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තරගාවලියේ ජයග්‍රාහකයන් හට සම්මාන ප්‍රදානය කරමින් සියළු දෙනාහට සුභාශීංසනයන් පිරිනමන ලදි. Adidas footwear | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD