Header

Sri Lanka Army

Defender of the Nation

01st January 2019 00:00:00 Hours

සාමය සහ සංහිඳියාව තේමා කරගනිමින් ‘එකටසිටිමු’ ජාතික ව්‍යාපෘතියේ සහායට සාමය හා සංහිඳියාවේ පාගමන එක්වෙයි

‘සාමය සහ සංහිඳියාව’ තේමා කරගනිමින් කොළඹ හින්දු විද්‍යාලයේ දී 2019 මාර්තු මස 02 වන දින උදෑසන 7.30 ට ආරම්භ කිරීමට නියමිත වාර්ෂික ක්‍රිකට් සටනට සමගාමීව ඇරඹෙන පාගමන සාර්ථකව පැවැත්වීම සඳහා අවශ්‍ය යුද්ධ හමුදාවේ සහයෝගය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ලබාදෙනු ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ ‘එකටසිටිමු’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව ‘සාමය සහ සංහිඳියාව’ යන තේමාව ඔස්සේ කොළඹ හින්දු විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් ආගමික සහ ජනවාර්ගික සහජිවන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එම විද්‍යාලය සහ යාපනය හින්දු විද්‍යාලය අතර පවත්වන වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය මෙම තේමාව ප්‍රධාන කොටගෙන මාර්තු මස 2 සහ 3 දෙදින පුරා පැවැත්වේ.

යෝජිත මෙම දැවැන්ත වැඩසටහන සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ට අමතරව තදාසන්න පාසල්වල සිසුන් සියගණනක් ඇතුළු 5000 කට අධික පිරිසක් සහභාගිවීමට නියමිත බව සංවිධායකයෝ පවසති.

බටහිර සහ යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව දියත් කිරීම සඳහා එම ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ද මේ සඳහා ලබාදෙනු ඇත. Buy Kicks | NIKE