Header

Sri Lanka Army

Defender of the Nation

31st December 2018 15:53:56 Hours

11 වන සේනාංකයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම සේනාංක මූලස්ථානයේ මග පෙන්වීම මත සිකුරාදා (28) දින නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දී පැවැති අතර ඒ සඳහා නිලධාරීන් 66 දෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදා සේවයේ නියතු නිලධාරීන්ගේ රෙජිමේන්තු රාජකාරීන් සහ සමාජ මට්ටම තවදුරටත් වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන ප්‍රායෝගික සහ න්‍යායික සැසි වලින් සමන්විත වූ අතර, ඉගෙනුම් හා සංවර්ධන කළමණාකරු ෂෙනාලි ලියනගේ මහත්මිය සහ නුවර එළිය ‘ග්‍රෑන්ඩ්’ හෝටලයේ මානව සම්පත් කළමණාකරු රෝහිත කොඩිතුවක්කු මහතා විසින් මෙම වැඩසටහන මෙහෙයවනු ලැබීය.

11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී. ජේ. නානායක්කාර, 111 සහ 112 බළසේනාවන්හි බලසේනාධිපතිවරුන් හා 11 වන සේනාංකයේ සේවයෙන් නියුතු නිලධාරීන් මෙම වැඩසටහන සඳහා සහභාගිවූහ. Sports brands | adidas Yeezy Boost 700 , Ietp