2020-02-22 19:37:20
අධ්‍යාත්මික සුවතාවය, රුචිකත්වයන් සහ ජීවිතයෙහි බලාපොරොත්තු ඉටුකරලීමේ අභිප්‍රායෙන් ඉන්දියාවේ ‘දඹදිව’ පිහිටි පූජනීය ස්ථානයන් වැඳපුදාගැනීම සඳහා ත්රස්තවාදීන් සමඟ පැවැති මානුෂීය මෙහෙයුම්වලදී ආබාධිත වූ තවත් රණවිරුවන් 15 දෙනෙකු...
2020-02-22 18:50:40
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුභාෂන් වැලිකල ගේ උපදෙස් මත එම සේනාංකයේ භටපිරිස් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් සමඟ එක්ව මන්නාරම, ශ්‍රීනාත් නගර් ප්‍රදේශයේ ඉකුත් සිකුරාදා (14) දින රුක් රෝපණ වැඩසටහනක් දියත් කළ අතර එම වැඩසටහන් 542 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
2020-02-22 18:37:20
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සී.එච්. ප්‍රනාන්දු කොළඹ යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිකුරාදා (21) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. එතුමන්ගේ දේහය 265/5, ටොරින්ටන් මාවත...
2020-02-22 17:38:08
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලු ඒකක නියෝජනය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට ‘බිලියඩ් සහ ස්නූකර්‘ ක්‍රීඩාව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් ඉකුත් සිකුරාදා (21) දින එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරන ලද අතර එය එම මූලස්ථානයේ බිලියඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී පැවැත්විණි.
2020-02-22 17:21:08
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීම පිළිබඳ එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින ක්‍රියාවට නැංවිණි.
2020-02-22 16:47:32
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද 24 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් පසුගියදා පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-02-22 16:30:32
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සමඟ එක්ව 242 වන බලසේනාව විසින් සංවිධානය කරන ලද ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ලාහුගල මහා විද්‍යාලයේ දී අඟහරුවාදා (18) දින පැවැති අතර ඒ සඳහා අම්පාර ප්‍රදේශයේ ගුරුවරුන් හා සිසුන් 250 ට අධික පිරිසක් සහභාගී වූහ.
2020-02-22 16:20:32
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ පාලන පරික්ෂාවක් 2020 පෙබරවාරි 20 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, වැහැර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
2020-02-22 16:07:32
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරතවිය.
2020-02-21 23:05:50
උතුරු මැද නාවික පෙදෙස් ආඥාපති රියල් අද්මිරාල් ඩි.එම්.එල්.ඒ. දිසානායක පෙබරවාරි මස 15 වන දින වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදී එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.