22nd February 2020 16:07:32 Hours
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරී මෙන්ම ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි පසුගියදා වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකායේ සංචාරයක නිරතවිය.
2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායක එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් නියෝජනය කරමින් අණදෙන නිලධාරී ඒ.ඒ.ටී. සෝමවීර විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, සියලුම භටපිරිස් ඇමතූ කර්නල් සේනාවිධායක අදාළ නිලයන් වෙත පවරා ඇති රාජකාරී මැනවින් ඉටු කරන අතරම සොල්දාදුවන්ගේ විනය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.
මෙම සංචාරය සනිටුහන් කරමින් මුලස්ථාන සංකීර්ණය ඉදිරිපිට පැළයක් රෝපණය කළ කර්නල් සේනාවිධායක සියලුනිල සමුහ ඡායාරූපයකට පෙනී සිටි අතර ඉන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් පසු උත්සව කටයුතු නිමාවට පත්විය.
නික්මයන කර්නල් සේනාවිධායක වෙත පසුදින උදෑසන සම්ප්‍රදායිකව හා චාරිත්‍රානුකූලව භටපිරිස් විසින් ආචාර කරන ලදී. විශ්‍රාම යෑමට ප්‍රථම සිදුකළ මෙම සංචාරය සනිටුහන් කරමින් ප්‍රතිසංස්කරණය කළ නිලධාරී නිවස්නයේදී විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීමට ද කර්නල් සේනාවිධායක විසින් කටයුතු කරන ලදී. Adidas shoes | Nike