22nd February 2020 16:30:32 Hours
ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සමඟ එක්ව 242 වන බලසේනාව විසින් සංවිධානය කරන ලද ‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ලාහුගල මහා විද්‍යාලයේ දී අඟහරුවාදා (18) දින පැවැති අතර ඒ සඳහා අම්පාර ප්‍රදේශයේ ගුරුවරුන් හා සිසුන් 250 ට අධික පිරිසක් සහභාගී වූහ.
මත්ද්‍රව්‍යවල භයානක බලපෑම් හා මෙහි ආදීනව පිළිබඳව තරුණ පරම්පරාව දැනුවත් කිරීම සහ මත්පැන් හා දුම්කොළ භාවිතය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම අවම කිරීම මෙම දේශනයේ ප්‍රධාන අරමුණක් විය.
මෙම දේශනය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යාපන හා තොරතුරු නිලධාරි එම්.එම්.ජී.බී.එම්. රෂාඩ් මහතා විසින් මෙහෙයවනු ලැබීය. Nike air jordan Sneakers | Nike