Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 19:37:20 Hours

තවත් ආබාධිත රණවිරුවන් කණ්ඩායමකට ‘දඹදිව’ වන්දනාවක් සඳහා වරම්

අධ්‍යාත්මික සුවතාවය, රුචිකත්වයන් සහ ජීවිතයෙහි බලාපොරොත්තු ඉටුකරලීමේ අභිප්‍රායෙන් ඉන්දියාවේ ‘දඹදිව’ පිහිටි පූජනීය ස්ථානයන් වැඳපුදාගැනීම සඳහා ත්‍රස්තවාදීන් සමඟ පැවැති මානුෂීය මෙහෙයුම්වලදී ආබාධිත වූ තවත් රණවිරුවන් 15 දෙනෙකු සහ ඔවුන්ගේ භාරකරුවන් 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා දඹදිව වන්දනා සංචාරයක රැගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු යුද්ධ හමුදාව මගින් මේ වනවිට සුදානම් කර ඇත.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් අද (20) දින උදෑසන ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පැවැති කෙටි උත්සවයකදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් රණක්‍ෂිතයට පත් එම රණවිරුවන් වෙත නොමිලේ ගුවන් ටිකට්පත් සමඟ මූල්‍යමය ප්‍රදානයක් ද සිදුකරන ලදී.

මීට වසර කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් ලෙස සේවය කරමින් සිටි සමයේදී ආරම්භ කරන ලද වන්දනා ව්‍යාපෘතියේ 4 වන අදියර ලෙස මෙම වන්දනා ගමන සිදුකරනු ලබයි. මෙම වන්දනා ගමනට ‘මිහිඳු සෙත් මැදුර’, ‘රණවිරු සෙවණ - රාගම’ සහ ‘අභිමන්සල - 1, 2, 3’ යන සුවතා නිකේතනයන්හි ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහභාගි වූ අතර මීට ප්‍රථම සිදුකළ දඹදිව සංචාරය සඳහා ආබාධිත රණවිරුවන් 60 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එක්විණි.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි වන්දනාකරුවන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

යුද්ධ හමුදා සුවතා නිකේතන රැසක තවමත් ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වෙමින් සිටින මෙම ආබාධිත රණවිරුවන් කණ්ඩායම වරනාසි, බුද්ධගයා, නවදිල්ලිය ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර මෙම උතුම් කර්තව්‍ය සැලසුම් කිරීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ට සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂතුමන්ට එම රණවිරුවන් ස්තූතිය පුද කළහ. කොළඹ 2 පිහිටි යුද්ධ හමුදාව විසින් පාලනය වන ‘සීමාසහිත එයාර් ට්‍රැවල්ස්’ (Air Travels Ltd) ආයතනය වෙතින් මෙම වන්දනාකරුවනට ගුවන් ගමන් පහසුකම් සලසාදෙනු ලැබීණි.

විවිධ හැකියාවන් ඇති ජීවිතාන්තය දක්වා රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වන මෙම විරෝදාර රණවිරුවන් වෙනුවෙන් ගුවන් ගමන් බලපත්‍ර හා අවශ්‍ය අනෙකුත් පහසුකම්හි පිරිවැය යුද්ධ හමුදාව විසින් දරනු ලබයි.

මෙම කණ්ඩායම ඉරිදා (23) දින ඉන්දියාව බලා පිටත්ව යන අතර මාර්තු මස 3 වන දින නැවත දිවයිනට පැමිණීමට නියමිතය. මෙම උත්සවය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් ජයශාන්ත ගමගේ, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. latest Running | Air Jordan