Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 17:21:08 Hours

නව නිපැයුම් පිළිබඳ මූලතිව් භටපිරිස් දිරීමත් කරයි

මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් මත නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගැනීම පිළිබඳ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින ක්‍රියාවට නැංවිණි.

නව නිපැයුම් සඳහා භටපිරිස් පෙළඹවීම මෙන්ම නව්‍ය සංකල්ප හඹාගොස් නවෝත්පාදන සිදුකිරීම මෙම දැනුවත් කිරීමේ දේශනයේ මූලික පරමාර්ථය විය.  

මෙම දේශනය ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මූලිතිව් ආරකෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් නිලධාරීන් 30 ක් සහ සෙසුනිලයින් 100 කට අධික පිරිසක් සහභාගි වූහ. latest Running | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos