22nd February 2020 16:20:32 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ පාලන පරික්‍ෂාවක් 2020 පෙබරවාරි 20 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, වැහැර පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. රෙජිමේන්තුවෙහි සහ සියලු බලඇණි හී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියමිත ක්‍රියා පටිපාටිවලට අනුකූලව ක්‍රියාත්මක වන බව සහතික කිරීම සහ රෙජිමේන්තුවේ අදාළ බලඇණිහි ඉතිරිව ඇති ගැටළු විසඳීම මෙම පාලන පරික්‍ෂාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් විය.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්.ආර්.එන්. ප්‍රනාන්දු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූලව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත පිරිනමනු ලැබූ කඳවුරු සම්මාන මූරය පසුකරගෙන යනු ලැබීය.
මෙම පාලන පරීක්‍ෂාව රෙජිමේන්තු ඉතිහාසයේ සිදුකළ 6 වන අදියර විය. යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි පාලන පරීක්‍ෂාව ආරම්භ කිරීමට ප්‍රථම යුද්ධ හමුදාව තුළ වෘත්තීය රෙජිමේන්තුවක් බවට පත්වීමට පාලන පරීක්‍ෂණ පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.
මෙම පාලන පරික්‍ෂාව වට සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, භඨකාර්ය සම්පාදන ආඥාපති, ප්‍රධාන සංඥා නිලධාරී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සියලුම ඒකකහි අණදෙන නිලධාරීන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහභාගි වූහ. latest Running Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov