Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 16:47:32 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති රාජකාරී අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද 24 වන ආඥාපති ලෙස මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් පසුගියදා පැවැති කෙටි උත්සවයකදී සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

අනුරාධපුරයේ පිහිටි ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානය වෙත සපැමිණි නව ආඥාපති වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් ද පිරිනමන ලදී.  

ඉන් අනතුරුව, නව ආඥාපති සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී කටයුතු භාරගත්හ.  

ඉන් අනතුරුව පවත්වන ලද සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ නව ආඥාපති එම මූලස්ථානයේ භටපිරිස් අමතා දේශනයක් ද පවත්වනු ලැබීය.  

මෙම අවස්ථාවට එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකහි අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද යටතේ සේවයේ නියුතු භටපිරිස් සහභාගි වූහ. latest jordans | adidas Yeezy Boost 350