21st February 2020 23:05:50 Hours
උතුරු මැද නාවික පෙදෙස් ආඥාපති රියල් අද්මිරාල් ඩි.එම්.එල්.ඒ. දිසානායක පෙබරවාරි මස 15 වන දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී එම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.
වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සැපමිණි රියල් අද්මිරාල් ඩි.එම්.එල්.ඒ. දිසානායක එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික සහ කර්නල් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් ප්‍රධාන දොරටුව අභියසදී පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස පූෂ්පෝපහාර පුදකරන ලදී. පසුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සහ රියල් අද්මිරාල් ඩි.එම්.එල්.ඒ. දිසානායක අතර සුහද සාකච්ඡාවක් පැවැති අතර ඉන් අනතුරුව සමරුතිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
මෙහිදී, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ලුතිනන් කර්නල් ජී.බී.ඩබ්ලිව්.එම්.ආර්.කේ.ආර්. බණ්ඩාර, 542 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.එච්.එම්.ආර්.කේ. රවී හේරත් සහ 1 වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී විසින් බලප්‍රදේශයේ මෙහෙයුම් කටයුතු සහ ආරක්‍ෂක කටයුතු පිළිබඳ නාවික ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී. මෙම අවස්ථාව සඳහා 541, 542, 543 හා 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ 54 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහභාගි වූහ. best shoes | Air Jordan Release Dates 2020